Wednesday, August 15, 2018

ඉර


ඉර...
මට දුකයි උඹ ගැන...

ලස්සනට රවුමට හිටියට
මං දන්නව
උඹ ඔතන පිච්චෙන පිච්චිල්ල...

එලිය ඕනෙම මිනිස්සුන්ට
එලිය දෙන්ටම ඕනෙ හින්දා මිසක
මං දන්නව
උඹත් පිච්චෙන්නෙ
හරි අමාරුවෙන් වග...

ඉර,
මට හිතෙනව
උඹට දණ ගහල වඳින්ට...
ඒත් බෑ නෙව.
එදාට
ආගමිකයො නිරාගමිකයො
ඔක්කොම එකතු වේවි
මගේ පළු අරින්ට
... ඉරටත් වඳින මිත්තියාදුස්ටිකයා...

ඉර,
මං දන්නව
කවද හරි දවසක් උඹ
පිච්චිලා පිච්චිලා අළු වෙලා යාවි.
අන්න එදාට
උන්ට හිතේවි
වැඳලා වැඳලා හරි
උඹව තියා ගත්තනං කියලා....

10 comments:

  1. හරියටම හරි.
    ජයවේවා!!!

    ReplyDelete
  2. හ්ම්ම්ම්... ඇත්තමයි

    ReplyDelete
  3. ඒක අපූරුයි සදි. අනිත් අයට එළිය දීලා තමන් ඇතුළෙන් පිච්චෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. කවදාහරි එයාලා අළු වෙලා ගිය දවසක තමයි අනිත් අයට එයාගෙ අගය තේරෙන්නේ.

    ReplyDelete