... නුඹ, අද මෙහි එන බැව් මම ඉඳුරාම දැන සිටියෙමි. බොහෝ කලකට පෙර නුඹ වළ දැමූ, මට වළ දැමීමට නොහැකි වූ, අතීතයේ විසල් පදාසයකම අයිතිකරු මා වූ බැවිනි. ඒ සා අයිතියක් මිහිදන්ව සැඟව යාමට මොහොතකට හෝ මත්තෙන් නුඹ එන බැව් මම දැන සිටියෙමි.
නුඹ දුරින් එනු මම බලා සිටිමි. පෙර දින රාත්රියේ සිට මග දෙපස එල්ලෙන සුදු කොඩි වැල් දැක තැති ගැණුනු නුඹ දෙඇස් ද, පැකිලෙන දෙපා ද මම දකිමි. තව දුරටත් ලෙයින් මසින් තොර වුවද, මගේ හදවත නුඹ වෙනුවෙන් හඬා වැටෙන හඬ මට ඇසේ. තවමත්... ඔව්, තිස් වසරකට පසු තවමත් නුඹේ හද ගැහෙන'යුරු මට දැනේ. මම නුඹ වෙත එමි. මා පිලිබඳ මතකයක සේයාවකඳු ඇත්දැයි නුඹ දෑස් විපරම් කරමි... විශ්වාස කරනු මැන... බොහෝ කලකට පෙර වළ දැමුවා යැයි මා සිතූ අප පිලිබඳ සියලු මතක, එක් දූලි කැටයකඳු අඩු නැතිව, නුඹ දෑස් පුරා විසිරී ඇති සැටි දකිමි… මම පසුතැවෙමි... නුඹ මා වෙත එන තුරු බලා නොසිට, මා නුඹ වෙත නොආ වරදින් පසුතැවෙමි...
ගොක් කොළ, සුදු කොඩි, මල් වඩම් සියල්ල පසු කරමින් ඇදෙන පියවරක් පියවරක් පාසා මම නුඹ ලඟ රැඳෙමි. බොහෝ වේලා සිට දැල්වෙන පිත්තල පහන ඉදිරියේ නුඹ නතර වන විට ද, මම නුඹේ සුරත ගෙන නුඹ ලඟම සිටියෙමි. මා නුඹ එන තුරු බලා සිටිනා අතර ඔවුන් මා බොහෝ හැඩ කොට නිවස මැද තබා ඇති බව පෙනේ. මේ... නුඹ ජීවිතයෙ අසීරුම මොහොත යැයි මම දනිමි. මේ කඩා හැලෙන කඳුලු වැල් සාක්ෂි ය. නුඹට නොහැඟුන ද, නොදැනුන ද, මම නුඹ අසලම සිටියෙමි... දැනුඳු සිටිමි. නුඹ ඉදිරියට පැමිණ නොහඬන්න යැයි කියමි.... නුඹේ වත දෝතට ගෙන කඳුලු පිස දැමීමට හැකි වෙර යොදමි... එහෙත්... නුඹට මා නොපෙනෙන සේය... මම පසුතැවෙමි... පැය කිහිපයකට පෙර මා බොහෝ සතුටින් හැර දමා ආ ශරීරයට වැද ඒ වැහැරුණු දෙඅතින් නැවත නුඹ වැලඳ ගන්නට මට සිතේ... ජීවත්ව සිටිද්දී ද, ජීවිතයෙන් ඔබ්බෙහි ද, මා නුඹ ඉදිරියේ අසරණ වූ සැටියකි...
මම බලා සිටින්නට තීරණය කරමි. කොතෙක් කල් ගත වුවද, නුඹ කෙදිනක හෝ මා වෙත එන බැව් මා දැන් දනිමි. නුඹ අද රැගෙන ආවේ ඒ බලාපොරොත්තුව ය. එකම මල් කිනිත්තක් හෝ නොමැතිව, එහෙත් මල්වඩම් සහසකට වඩා බරැති ආදරයක්ද දරා ගෙන, නුඹ අද රැගෙන ආවේ ඒ බලාපොරොත්තුව ය...
ඉඳින්, මම බලා හිඳිමි... අප වෙන් වූ ලෝකයට ඔබ්බෙන් වූ ලෝකයක එක් වන්නට මම බලා හිඳිමි... නුඹ අසලම රැඳෙමි...
Good !!
ReplyDeleteබොහොම ස්තූතී ඉයන් :)
Deleteමට මතක් උනේ සේකරගේ කවියක් මේක කියවල ඉවර කරද්දී...
ReplyDeleteමගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි
අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි
දිග කවියක් තව තියෙනවා.. ඒත් මතක ඔච්චරයි....
බොහොම ස්තූතී සඳ :)
Deleteලාවට වගේ මේක මතකයි... සේකර ගෙ සක්වාලිහිණි යෙ ද කොහෙද තිබ්බෙ....
This comment has been removed by the author.
ReplyDeleteමෙයට සක්කාය දිට්ඨිය කියල නමදාල ඇත්තෙ හරි දැකීම කියන අදහසින්ද දන්නෙ නැහැ නමුත් සක්කාය දෘෂ්ඨිය කියන්නෙ වැරදි දෘෂ්ඨිය ඒකෙන් ඉවත්වුන දෘෂ්ඨියයි නිවැරදි දෘෂ්ඨිය යනුවෙන් සද්ධර්මයෙ දැක්වෙන්නෙ
ReplyDeleteබොහොම ස්තූතී මේ පැත්තෙ ගොඩ උනාට :)
Deleteමහත්මයාට පොඩී වැරදීමක් වෙලා... සක්ඛාය දිට්ඨිය කියන්නෙ මමත්වයේ දැඩි භාවය කියලයි ධර්මයේ සඳහන් වෙන්නෙ... මම මේකෙ ලියන්නෙ මම මගේ කියල අල්ල ගත්ත දේවල්... ඒක නෙව මම බ්ලොග්ගුවෙ නමට යටින් දාලා තියෙන්නෙ "මම... මගේ... මගේ ආත්මය..." කියල... ඒක තමයි මමත්වය...
මම හිතන්නෙ මහත්මයාට සම්මා දිට්ඨිය යි සක්ඛාය දිට්ඨිය යි තමයි මාරු වෙලා තියෙන්නෙ... සම්මා දිට්ඨිය කියන්නෙ යහපත් දැකීම... සම්මා දිට්ඨිය නොමැති තැන තමයි මිත්‍යා දෘශ්ඨිය තියෙන්නෙ...
අදයි ඉස්සරවෙලාම ආවේ
ReplyDeleteවැල්කම් ලොකු ජෝං... ආයෙත් එන්ටෝනෙ එහෙනං... :)
Deleteපපුවට උඩින් සීගිරි පරුවතය පැටෙව්වා වගෙයි!
ReplyDeleteඅතීතය සෑහෙන්ට බරයි නෙව...
Deleteබොහොම ස්තූතී නිදී...
ඒක හරිම සංවේදී කතාවක්. මගහැරීම..... බලාපොරොත්තුව..... නොවෙනස් සිතුවිලි.....
ReplyDeleteජීවිතේ කියන්නෙ මගහැරුණු දේවල් ඇයි මගහැර ගත්තෙ කියල හිත හිත තවත් දේවල් මගහැර ගන්න එකට නෙව...
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteබොහොම ස්තූතී මේ පැත්තෙ ගොඩ උනාට.
Deleteමමත් එන්ටෝනෙ ඒ පැත්තෙ ඉක්මනින්ම...