Friday, July 6, 2018

පොරි අහුර


ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. හදවත දියවී ඇසඟින් ඇද වැටීමට ආසන්නය. කාලය නැවතී ඇති සෙයකි... එය එසේ නොනැවතී ආපස්සට යන්නේ නම්....

, අපේ ප්රථම හමුවීමයි. එදිනද, 'අත තිබුණේ පොරි අහුරකි. ඒද, වළාකුළු බැම්මෙන් එපිටට නැවී සිටි ඔබ වෙතට දිගු වීය.
"... ඔන්න අද ඉඳන් මාළුත් දන්නව අපේ කතාව..." 
මගෙන් ගත් පොරි ඇට නුවර වැවට විසි කරමින් නුඹ කියයි. එතැන් පටන් තවත් බොහෝ කාලයක් යන තුරුම වළාකුළු බැම්ම අපේ සැඳෑ නැවතුම විය. පොරි අහුර අතටත්, සිලි සිලි හඬින් නටන මාළුන් නෙතටත් බොහෝ හුරු විය. නුවර වැවටත් දළදා හාමුදුරුවන්ටත් නුඹේ තොරතෝංචියක් නැති කියවිල්ල මෙන්ම, මගේ ගූඨ නිස්සද්දතාවයද හුරු පුරුදු වන්නට ඇත. එකල, ජීවිතය ආදරයෙන් පිරී තිබිණයි සිතුවෙමි. සිතමි...

එදින, මා ඔබ රුව වළාකුළු බැම්ම මත දුටු අවසාන දවසයි. මාගෙන් නික්ම යන්නට නුඹ තීරණය කර ඇත. පොරි අහුර තවමත් මා අතය...
"... මේකත් හරියට ඔය පොරි වගේ... ඉස්සෙල්ල පැණි රහයි. පස්සෙ ලුණු රහයි..."
, නුඹ මාගේ ආදරයට දුන් අවසාන අර්ථකථනයයි. නුඹ නික්ම ගිය පසුද, මා වළාකුළු බැම්ම තනි නොකලෙමි. මසිත රිදවීමට බැරිවාක් මෙන් වළාකුළු බැම්මද, නුවර වැවද, දළදා හාමුදුරුවෝද මගෙන් නැවත කිසි දිනෙක නුඹ ගැන ඇසුවේ නැත....

එදින් බොහෝ කලකට පසු දිනෙක, නැවතත් මා නුඹ පසෙක සිටියෙමි. දසත බෙර හඬ . වරෙක අශ්ඨක . මේ, වරෙක භෞතිකව අහිමි වූ නුඹ නෛතිකව අහිමි වන දිනයයි. එදින , 'අත පොරි අහුරකි. , සියල් සුභ පැතුම් සමඟින් ඔබ යන මඟට විසි කිරීමටය. නුඹ ගැන තුබූ මහත් වූ සෙනෙහසින් යුතුව විසුල දහසක් පොරි ඇට මතින් නුඹ ඔහු හා නික්ම ගියේය. නුඹෙන් සැඟවූ සියලු සුසුමන් දළදා හාමුදුරුවන්ට පෙනෙන්නටම නුවර වැව් දිය මත මුදා හැරියෙමි... නුඹ දෙස බලා හෝ ජීවත් වන්නට සිතුවෙමි....

අද, කාලය නැවතත් මා නුඹ ඉදිරියට කැඳවා ඇත. නුඹ අද බොහෝ නිසසලය. සුදු ඇඳුම නුඹට මෙතරම් හැඩ වේ යැයි මම නොසිතුවෙමි. නුඹගේ සියලු නික්ම යෑම් නිහඬව දරා ගත්ත , මේ සදාතනික නික්ම යෑම දරා ගත නොහැකි සේය. මා නුඹ වෙනුවෙන් හෙලූ සියලු සුසුමන් එකට කැටි කර නුඹේ නිසල නාස්පුඩු මත මුදා හැර නුඹව අවදි කරවා ගන්නට මට සිතේ. එහෙත් නුඹ නික්ම ගොස් අවසන් ...
මතක වස්ත් පූජාව .

... යථා වාරී වහා පූරං පරිපූරෙන්තු සාගරං...

නිකෙලෙස් හඬ හඟවන්නේ සියල්ල අවසන් බවය...

ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. නැගිට සිටීමට දෙපා , අත රැඳි පොරි අහුර දරා ගැනීමට ඇඟිලි තුඩු වාරු නැති සේ .

මේ, සමුගැනීමේ මොහොතයි....


35 comments:

  1. හරිම සංවේදීයි.... හිතට දැනුනා

    ReplyDelete
  2. අපූරු හැඟුම්බර ලියවිල්ලක් මෙය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී දුමියො...

      Delete
  3. ගද්‍යයකට වඩා ඈත ගිය පද්‍යයක්. අපූරුයි.

    ReplyDelete
  4. ඉයන්ගෙ පාරෙන් ආවෙ.ෆලෝකරන්න වටින නිසා එල්ලගත්තා ඔන්න
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී... ආයෙත් එන්ට
      මාත් එන්නම් ඒ පැත්තෙ ඝස් ලභ්භක් කාලා යන්ට :)

      Delete
  5. ගැඹුරු ධර්මයක් ඉතාමත් සරලව !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී... ආයෙත් එන්ට :)

      Delete
  6. ඉයන්ගේ ඔත්තුවට ආවේ . සඳවතී කිව්වා වගේ සංවේදියි. සුන්දරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී...
      ඉයන් ගෙ වචන ටිකට හිත පිරිල ගියා ඕං :)
      ආයෙත් එන්ට

      Delete
  7. ඉයන් කිව්ව මරැ බ්ලොග් එක මොකද්ද බලද්දි මේක ⁣කොළොම්පුරේත් ගොඩවෙන අපුරැ අඩවියක්නේ. නියමයි ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී...
      මාත් එනවා කොළොම්පුරේ පැත්තෙ කාලෙක ඉඳන්ම :)
      ආයෙත් ගොඩ වෙන්ටෝන ඒනං...

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතී මිත්‍රයා...

      Delete
  9. හිතට දැනුනු පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී තුශානි...
      මමත් එන්ටෝන පුංචි කැකුළු මල් ටිකක් බලල යන්ට ඒ පැත්තෙ :)
      ආයෙත් එන්ට...

      Delete
  10. ඇඩෙනවා.. කවියක් වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මිත්‍රයා...
      ජීවිතේ කවියක් නෙව :)

      ආයෙත් එන්ට...

      Delete
  11. ඉතාම හෘදයාංගම සටහනක්. ඔබට තාමත් හොඳට ලියන්න පුලුවන්...ඉස්කොලෙ යන කාලෙ වගේම.

    ReplyDelete
  12. එල ද බ්‍රා..ඉයන් කිවොත් ඉතින් ඩබල් පුශප් කියලා දන්න හින්දා ආවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා... ආයෙත් එන්ට :)

      Delete
  13. දැන් පරණ බ්ලොග් කාරයෝ බොහොමයක් ඔත්තුකාරයෝ වෙලා. මක්කා කොරන්ටෙයි. ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දිල්රුක් ඔයාගේ බ්ලොග් එක අප්ලෝඩ් වෙන්නේ නැහැ . කියවන්න අමාරුයි

      Delete
  14. ලස්සනයි... හිතට දැනුන සටහනක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැතුම්... ආයෙත් එන්ට :)

      Delete
  15. අගනා නිර්මාණශීලීී ලියවිල්ලක්. ඒකදිගට කියවග‌ෙන ගියා එක සැරයක් න‌ෙව‌ෙයි ‌ද‌ෙසැරයක්ම. දිගින් දිගටම ලියන්න, අපි එන්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ලියවිල්ලට කැමති වීම සතුටක්... ආයෙත් එන්ට :)

      Delete
  16. කළු පාට පසුබිමතේ තියනවා අපූරු ගතියක්

    ReplyDelete
  17. හරිම ලස්සනයි.. ඉයන් අයියගෙ පෝස්ට් එකෙන් තමයි පාර හොයා ගත්තෙ..දිගටම එන්නම්..ජය !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ආයෙත් එන්ට :)

      Delete