ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. හදවත දියවී ඇසඟින් ඇද වැටීමට ආසන්නය. කාලය නැවතී ඇති සෙයකි... එය එසේ නොනැවතී ආපස්සට යන්නේ නම්....
ඒ, අපේ ප්‍රථම හමුවීමයි. එදිනද, ම'අත තිබුණේ පොරි අහුරකි. ඒද, වළාකුළු බැම්මෙන් එපිටට නැවී සිටි ඔබ වෙතට දිගු වීය.
"... ඔන්න අද ඉඳන් මාළුත් දන්නව අපේ කතාව..."
මගෙන් ගත් පොරි ඇට නුවර වැවට විසි කරමින් නුඹ කියයි. එතැන් පටන් තවත් බොහෝ කාලයක් යන තුරුම වළාකුළු බැම්ම අපේ සැඳෑ නැවතුම විය. පොරි අහුර අතටත්, සිලි සිලි හඬින් නටන මාළුන් නෙතටත් බොහෝ හුරු විය. නුවර වැවටත් දළදා හාමුදුරුවන්ටත් නුඹේ තොරතෝංචියක් නැති කියවිල්ල මෙන්ම, මගේ ගූඨ නිස්සද්දතාවයද හුරු පුරුදු වන්නට ඇත. එකල, ජීවිතය ආදරයෙන් පිරී තිබිණයි සිතුවෙමි. සිතමි...
එදින, මා ඔබ රුව වළාකුළු බැම්ම මත දුටු අවසාන දවසයි. මාගෙන් නික්ම යන්නට නුඹ තීරණය කර ඇත. පොරි අහුර තවමත් මා අතය...
"... මේකත් හරියට ඔය පොරි වගේ... ඉස්සෙල්ල පැණි රහයි. පස්සෙ ලුණු රහයි..."
ඒ, නුඹ මාගේ ආදරයට දුන් අවසාන අර්ථකථනයයි. නුඹ නික්ම ගිය පසුද, මා වළාකුළු බැම්ම තනි නොකලෙමි. මසිත රිදවීමට බැරිවාක් මෙන් වළාකුළු බැම්මද, නුවර වැවද, දළදා හාමුදුරුවෝද මගෙන් නැවත කිසි දිනෙක නුඹ ගැන ඇසුවේ නැත....
එදින් බොහෝ කලකට පසු දිනෙක, නැවතත් මා නුඹ පසෙක සිටියෙමි. දසත බෙර හඬ ය. වරෙක අශ්ඨක ය. මේ, වරෙක භෞතිකව අහිමි වූ නුඹ නෛතිකව ද අහිමි වන දිනයයි. එදින ද, ම'අත පොරි අහුරකි. ඒ, සියල් සුභ පැතුම් සමඟින් ඔබ යන මඟට විසි කිරීමටය. නුඹ ගැන තුබූ මහත් වූ සෙනෙහසින් යුතුව විසුල දහසක් පොරි ඇට මතින් නුඹ ඔහු හා නික්ම ගියේය. නුඹෙන් සැඟවූ සියලු සුසුමන් දළදා හාමුදුරුවන්ට පෙනෙන්නටම නුවර වැව් දිය මත මුදා හැරියෙමි... නුඹ දෙස බලා හෝ ජීවත් වන්නට සිතුවෙමි....
අද, කාලය නැවතත් මා නුඹ ඉදිරියට කැඳවා ඇත. නුඹ අද බොහෝ නිසසලය. සුදු ඇඳුම නුඹට මෙතරම් හැඩ වේ යැයි මම නොසිතුවෙමි. නුඹගේ සියලු නික්ම යෑම් නිහඬව දරා ගත්ත ද, මේ සදාතනික නික්ම යෑම දරා ගත නොහැකි සේය. මා නුඹ වෙනුවෙන් හෙලූ සියලු සුසුමන් එකට කැටි කර නුඹේ නිසල නාස්පුඩු මත මුදා හැර නුඹව අවදි කරවා ගන්නට මට සිතේ. එහෙත් නුඹ නික්ම ගොස් අවසන් ය...
මතක වස්ත්‍ර පූජාව ය.
... යථා වාරී වහා පූරං පරිපූරෙන්තු සාගරං...
ඒ නිකෙලෙස් හඬ හඟවන්නේ සියල්ල අවසන් බවය...
ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. නැගිට සිටීමට දෙපා ද, අත රැඳි පොරි අහුර දරා ගැනීමට ඇඟිලි තුඩු ද වාරු නැති සේ ය.
මේ, සමුගැනීමේ මොහොතයි....
හරිම සංවේදීයි.... හිතට දැනුනා
ReplyDeleteබොහොම ස්තූතී සඳ...
Deleteඅපූරු හැඟුම්බර ලියවිල්ලක් මෙය.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතී දුමියො...
Deleteගද්යයකට වඩා ඈත ගිය පද්‍යයක්. අපූරුයි.
ReplyDeleteබොහොම ස්තූතී... :)
Deleteහිතට දැණුනා
ReplyDeleteබෝම ඉස්තූතී ඉයන්... :)
Deleteඉයන්ගෙ පාරෙන් ආවෙ.ෆලෝකරන්න වටින නිසා එල්ලගත්තා ඔන්න
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තූතී... ආයෙත් එන්ට
Deleteමාත් එන්නම් ඒ පැත්තෙ ඝස් ලභ්භක් කාලා යන්ට :)
ගැඹුරු ධර්මයක් ඉතාමත් සරලව !
ReplyDeleteබොහොම ස්තූතී... ආයෙත් එන්ට :)
Deleteඉයන්ගේ ඔත්තුවට ආවේ . සඳවතී කිව්වා වගේ සංවේදියි. සුන්දරයි
ReplyDeleteබොහොම ස්තූතී...
Deleteඉයන් ගෙ වචන ටිකට හිත පිරිල ගියා ඕං :)
ආයෙත් එන්ට
ඉයන් කිව්ව මරැ බ්ලොග් එක මොකද්ද බලද්දි මේක කොළොම්පුරේත් ගොඩවෙන අපුරැ අඩවියක්නේ. නියමයි ජයවේවා.
ReplyDeleteබොහොම ස්තූතී...
Deleteමාත් එනවා කොළොම්පුරේ පැත්තෙ කාලෙක ඉඳන්ම :)
ආයෙත් ගොඩ වෙන්ටෝන ඒනං...
Keep going
ReplyDeleteබොහොම ස්තූතී මිත්‍රයා...
Deleteහිතට දැනුනු පෝස්ට් එකක්...
ReplyDeleteබොහොම ස්තූතී තුශානි...
Deleteමමත් එන්ටෝන පුංචි කැකුළු මල් ටිකක් බලල යන්ට ඒ පැත්තෙ :)
ආයෙත් එන්ට...
ඇඩෙනවා.. කවියක් වගේ..
ReplyDeleteබොහොම ස්තූතී මිත්‍රයා...
Deleteජීවිතේ කවියක් නෙව :)
ආයෙත් එන්ට...
ඉතාම හෘදයාංගම සටහනක්. ඔබට තාමත් හොඳට ලියන්න පුලුවන්...ඉස්කොලෙ යන කාලෙ වගේම.
ReplyDeleteඑල ද බ්‍රා..ඉයන් කිවොත් ඉතින් ඩබල් පුශප් කියලා දන්න හින්දා ආවා
ReplyDeleteබොහොම ස්තූතියි මෙන්ඩා... ආයෙත් එන්ට :)
Deleteදැන් පරණ බ්ලොග් කාරයෝ බොහොමයක් ඔත්තුකාරයෝ වෙලා. මක්කා කොරන්ටෙයි. ඔහොම යමු.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteදිල්රුක් ඔයාගේ බ්ලොග් එක අප්ලෝඩ් වෙන්නේ නැහැ . කියවන්න අමාරුයි
Deleteලස්සනයි... හිතට දැනුන සටහනක්
ReplyDeleteබොහොම ස්තූතියි පැතුම්... ආයෙත් එන්ට :)
Deleteඅගනා නිර්මාණශීලීී ලියවිල්ලක්. ඒකදිගට කියවගෙන ගියා එක සැරයක් නෙවෙයි දෙසැරයක්ම. දිගින් දිගටම ලියන්න, අපි එන්නම් කියවන්න.
ReplyDeleteබොහොම ස්තූතියි... ලියවිල්ලට කැමති වීම සතුටක්... ආයෙත් එන්ට :)
Deleteකළු පාට පසුබිමතේ තියනවා අපූරු ගතියක්
ReplyDeleteහරිම ලස්සනයි.. ඉයන් අයියගෙ පෝස්ට් එකෙන් තමයි පාර හොයා ගත්තෙ..දිගටම එන්නම්..ජය !!
ReplyDeleteබොහොම ස්තූතියි... ආයෙත් එන්ට :)
Deleteහැඟීම්බරයි වගේම මතකයන් අවදි කරනවා. මටත් තියෙන්නේ මුලින් පැණි රහ වුණු පස්සේ ලුණු රහ දැනුණ ආදරයක්. ඒත් මං හීන් සීරුවේ පැණි උණු කරලා ආදරේ උඩට වත් කර ගන්නවා. මොනවා වුනත් ආදරය පොරි වගේ සැහැල්ලු නම් කොයිතරම් හොඳද? ඒත් ඒක කිලෝ බර ගාණක් බරයි ස.දි.
ReplyDeleteඉයන්ගෙ අඩවියෙන් මේ පැත්තට හැරුණෙ.හරිම ලස්සනයි❤️.වේදනාකාරී හැඟීමක්...
ReplyDeleteබොහොම ස්තූතී ෂවේරා... ආයෙත් එන්ට...
Delete