... ජීවිතය
දිග වැඩිද, එසේත් නැතිනම් මතකයන් බර වැඩිදැයි මට
නොතේරේ. කාලය ගෙවෙන්නේ බොහෝ හෙමින් යැයි මට සිතෙන්නේ එදවසින්
පසු අප නැවත හමු
නොවූ නිසා වන්නට ඇත. මට නුඹ අතහැරුනු
මෙබිමට නැවත නැවතත් මා එන්නේ මට
නුඹ අමතක නොවිය යුතු නිසාය. මිනිසුන් භූමියට ආදරය කරන්නේ ඒ හා බැඳුනු
මතකයන් නිසා යැයි මම සිතමි. මේ
කාස්ටක දූවිලි නගරයේ මට ඇති එකම
බැඳීම නුඹය. ඒ නිසා මම
එමි, යමි, නැවත එමි...
හැම
දූලි කැටයකම ඇත්තේ නුඹේ මතකයන් ය. නුඹ මා
බොහෝ බැතියෙන් ඇදහූ කාලයක මතකයන් ය.
"... මම
ආසම ඔයා කතාවක්වත් නැතුව ඔහේ බලා ගත්තු අත බලං ඉන්නවට..."
නුඹ කියයි.
මම
නුඹ දෙස බලමි. නුඹ පා තබන්නේ මගෙන්
බොහොම දුරස්ථවය. එක්ව යන්නට එක් වූ අපි වෙන්ව
යන හැටි! දුර අඩි තබා මම නුඹ වෙත
එමි...
"ඊයෙ
පත්තරේ තිබ්බ කවිය ලස්සනයි... කවුරු ගැනද ඒ?"
"අපි
ගැන..."
"බොරු
නේ... අපි කවදාවත් කරපුවයැ ඒකෙ තිබ්බෙ..."
සැබෑය...
මට ලියැවෙන්නේ මවා ගත් දේ ය. එහෙත්
නුඹ සිතන්නේ අනෙකකි.
"... මට
හිතෙනව ඔයා හැම වෙලේම සද්ද නැතුව කල්පනා කරන්නෙ අපි ගැන කියල. කල්පනා කරල කරල ලියන හැම එකේම ඉන්නෙ අපි කියල. අපි කරා නම් හොඳයි කියල ඔයාට හිතෙන එව්ව කියල..."
නුඹ
ඒ හීන දකින්නේ තනිවම ය. නුඹේ හැම
හීනෙකම සිටියේ අප ය.
"මං
ගැනත් මොනා හරි ලියන්නකො..."
නුඹේ
සුපුරුදු වචන. එහෙත්, නුඹ මා සමඟ සිටි
කාලය පුරාවටම නුඹ ගැන එකඳු වචනයක් වත් මා නොලිව්වෙමි.
".. ඔව්ව
ඔක්කොම එකතු කරල අපි ගහමු පොතක්. මං ගැන ලිව්ව
එක දාමු මුලටම..." ... සිතිවිල්ලද නුඹට ගෙන ආවේ සතුටකි.
නුඹ
මා රැගෙන යන්නට තැනුවේ බොහෝ දුර ගමනක් ය. ම'අත
අත නෑර ම සිටි නුඹේ
අත මට අත හැරී
ඇති වග පවා මට
පසක් වූයේ බොහෝ කල් ගොස් ය.
එහෙත්
මම නුඹ නොසෙව්වෙමි. මතකයන් පමණක්
සොයන්නට මෙහි එමි. නිහඬව දුරින් ඇවිද ගිය මාවත් වල ඇවිද යමි. නිහඬ බව බිඳින්නට නුඹ
ද නැත. සියලු සිතිවිලි වියලී ගොසිනි.
අප කිසි දිනෙක
නැවත හමු නොවිය යුතුය. අප අපට හිමි
නොවිය යුතුය. ආදරය සදාකාලික වන්නේ හිමි වීමෙන් නොව අහිමි වීමෙනි...
apoi...
ReplyDeleteදුක තමයි සංජනී :(
Deleteමේක බොහොම දරුණු විදිහට මගේ හිත පහුරු ගෑවා.... ස්තුතියි ඔබට....
ReplyDeleteස්තූතී සඳ :)
Delete👍 👍 👍
ReplyDeleteබෝම ඉස්තූතී ගොඩ උනාට :)
Deleteකාලයක් නැත දෙසිත් අතරක සෙනේ දළුදා එයි නිතී
ReplyDeleteතාලයක් ගෙන දිවි ගෙවන්නට සැමට පුලුවන් කම නැතී
ආලයක් හිමි නොවුන විටකදි සදාකාලික බව ඇතී
මාවතක් විය ඔබෙ බ්ලොගයෙන් පාඩමක් ගන්නට ඇතී...
අදයි ආවේ. අපූරුයි.
ජයවේවා!!!
හෑ... දුමී ගෙ කවි පිළිතුරක් ගන්න අපිත් වාසනාවන්ත උනා එහෙනං :)
Deleteබෝම ඉස්තූතී... අයෙත් එන්ට...
කවියට කැමතිවීම සතුටකි.
Deleteමේ බ්ලොගය පිළිබඳව මීට කලින් දැන සිටියේ නැහැ.
ජයවේවා!!!
අහිමි දුක හිත
ReplyDeleteපහුරුගෑමත්
රසක් විය
නුඹ නොයෙන හවසක.....
ඉස්තූතී ගොඩ උනාට ගිම්මි... ආයෙත් එන්ට :)
Deleteela..........
ReplyDeleteබෝම ඉස්තූතී :)
Deleteලස්සනයි.. හිතට දැනුනා
ReplyDeleteඑ්ක හරිමදරුණු වේදනාවකින් ඉවර වුණේ.. කඳුළුත් අාවා
ReplyDeleteආදරේ කියන්නෙ වේදනාවට කියන වෙන නමක්...
DeleteThis comment has been removed by the author.
ReplyDelete