"නුවරගෙදර"
කියන්නෙ බුකියෙ මං ආසම ලියන්නෙක්.
මේ හෑල්ල මතක් වෙන්නෙ නුවරගෙදර
ලියපු ඔය උඩ තියන
කවිය දැකල. මිනිහ කිව්වට හම්බෙනකල් ඉවසං ඉන්ට, ඒක
එච්චර ලේසි නෑ....
ග්රැහැම් බෙල් ටැලිපෝං එක
හොයා ගත්තෙ 1817 උනාට ඊට අවුරුදූ
150කටත් පස්සෙ තමා අපිට ඕක
සැට් වෙන්නෙ. ඊට කලිං අපේ
මාද්‍ය උනේ ලියන
එක. වැඩිපුර ලිව්වෙ ලියුං. පස්සෙ කාලෙ පත්තරේටත් ලිව්ව...
ඉස්සෙල්ලම ලියුං ලිව්වෙ රට හිටපු අපේ
මාමා ට. අම්ම ලියන
එකේ අග හරියෙ පේලි
දෙක තුනක් ලියනව. එක පාරක් මං
පැන්සලෙන් ලියන එක නවත්තලා
පෑනෙන් ලියන්ට පටං ගත්තා කියල
මාමට ලියල යැව්වෙ හෙන
ආඩම්බරෙන්... ඉස්කෝලෙට ඇතුල් වෙන්ට කලිං, බොහොම සූටි කාලෙ මම හිටියෙ අපෙ අම්මගෙ ගමේ. එහෙට වාහනේකට කියල එන්නෙ ලියුංකාරයා ගෙ පුස් සයිකලේ විතරයි. මිනිහ රූං ගාල ඇවිල්ල, කකුලක් බිම තියල, බැල් එක ගහල ලියුම දෙන එක මට හෙන ලොකු වැඩක්... කොච්චර ලොකු ද කිව්වොත් එක වසරට ගිහිං අතුකෝරළ මිස් ලොකු වෙලා කව්ද වෙන්ට කැමති කියල අහනකොට මම කිව්වෙ ලියුංකාරයෙක් කියල!
පස්සෙ ඔන්න ලියන්ට ගත්තා ගෑල්ලමයින්ට. මං ලියන්ටත් කලිං හම්බුනා මට ලියපු එකක්. එතකොට මං පහ වසරෙ කියහංකො!! ගෑල්ලමය හිටියෙ අපෙ අක්කලගෙ ඉස්කෝලෙ (නං ගං මෙන්සන් කරල අපහසුතාවයට පත් කරන්ට තරං දරුණු නෑ අපි ). එක ලියුමයි මට හම්බුනේ. අනික්වා මේ ළමයා වැඩි පරිස්සමට අපෙ අක්කට දීල මට දෙන්ට කියල, ඒ උන්දැ එව්ව අම්මට දීලා... ඒ වැඩේ ඉවරයි! ඊට පස්සෙ අවුරුදු පහක නිහැඬියාවකින් ආයෙ ලීවෙ 10 වසරෙදි. ලිව්වට දෙන්ට බෑ... අත වෙව්ලනවා, හිත ගොලු වෙනවා... ඔන්න දහම් පාසැල් ගිහිං එන අතරෙ ගෑල්ලමයට පේන්ට දැම්ම ලියුම බිම. එයත් අහුල ගත්ත වට පිට බලල... දැං ඉතිං සතියක් බලං ඉන්ටෝනෙ උත්තරේ ගන්ට... නුවරගෙදර කිව්වට ඒක ලේසි නෑ... ඔන්න ඊලඟ සතියෙ දහම් පාසැල... ම්හ්ම්ම්... උත්තරයක් නෑ... ගෙදර යන ගමං ගියා පස්සෙං... වැඩක් උනේ නෑ... පස්සෙ තමා දැන ගන්ට ලැබුනෙ එයත් මගේ තියරියටම බිම දාලා ලියුම... මං දැකල නෑ!! ගෑල්ලමයි එක්ක විතරක් නෙමෙයි, ඒ-ලෙවල් වලිං පස්සෙ පංතියේ යාලුවො එක්කත් ලියුං වලිං තමා කතා කරේ. පුරුද්දක් විදිහට යාලුවන්ට ලියපු ලියුං වල මම නම ලියන්නෙ නෑ. ඒ හින්දා තමංගෙ අහිංසක දරුවට කුණු කතා ලියල එවන්නෙ කව්ද කියල ඒ අම්මල තාත්තලට හොයා ගන්ට බැරි උනා... දවසක් පොලොන්නරු පැත්තෙ යාලුවෙක් ගෙ තාත්ත කෙනෙක් මගෙ ලියුමක් කියවල "දෙමව්පියංගෙ සල්ලි නාස්ති කරන කාලකණ්ණි..." කියල මගෙ ගුණ කථනයක් කරා කියල උගෙ පිලිතුරු ලියුමෙ ලියල තිබ්බ...

ඉස්සිස්සෙල්ලම
ටැලිපෝං එකකින් කතා කරන්නෙත් අපේ
රට ගිය මාමට තමා.
ඉස්සර හැම තැනම ඔව්ව
නෑ. ගෙවල් කීපයක විතරයි තිබ්බෙ. අපි දන්න ටැලිපෝං
එකක් තියන කෙනෙක් ට
හිටියෙ අනුරාධපුරේ ශාලිනී ගෙස්ට් එකේ හර්ශ අයියා...
මාමා අපිට කතා කරන්ට
ඕනෙ උනාම එහෙට කතා
කරල කියනව අහවල් වෙලාවට ආයෙ කතා කරනව
අපිට ඇවිල්ල ඉන්ට කියල. හර්ශ
අයියා තකහනියෙ ඕං එනව අපිට
පණිවිඩේ දෙන්ට. අපි ඉතිං කිව්ව
වෙලාවට යනව එහෙ... මාමට
එයාගෙ පවුලෙ උදවියට කතා කරන්ට මීටත්
වඩා අමාරු උනා... එහෙ ටැලිපෝං තියා
ලයිට් වත් තිබ්බෙ නෑ...
ඉතිං මාමා කතා කරේ
පෝස්ට් ඔපිස් එකට. නැන්දයි, නංගියි,
මල්ලියි එතෙන්ට ගිහිං ඉන්නව. ඔන්න දවසක් මාමා
ටැලිපෝං එකෙං මල්ලිගෙං අහනව
"මං එනකොට පුතාට කාර් එකක් ගේන්ට
ද" කියල... අරූ ගොබිල වගේ
ඔලුව වනනව, උගෙ හිතේ මාමට
ඌව පේනව කියල! ඔන්න
පස්සෙ කාලෙක අපේ අප්පච්චි දානව
හෝටලයක්. අනුරාධපුරේ බොහොම පුරසිද්ද වෙච්ච ක්රවුන් චයිනීස්
හෝටලේ තමා ඒ... ඔන්න
ඒකෙ තියනව ටැලිපෝං එකක්!! මට ඉතිං ඊට
වඩා දෙයක් නෑ. නොම්මරේ තමා
2771. ඒ දවස් වල තිබ්බෙ
නොම්මර හතරයි. පස්සෙ තමා එක එක
එකතු වෙලා දහයක් උනේ.
ටැලිපෝං එක හම්බුනාට පස්සෙ
තමා මතක් උනේ ඒකෙන්
කතා කරන්ට කවුරුත් නෑ කියල! ඉස්කෝලෙ
එවුන්ට තිබ්බෙත් නෑ. නුවර නැන්දලා
දෙන්නෙක්ට තිබ්බ... එව්වගෙ නොම්මර තාම මතකයි... 32609 දොඩම්වල
සමුද්‍ර නැන්දා... 88641 අඟුණාවල
මානෙල් නැන්දා... අහ්හ් අර ලියුම බිම
දාපු ගෑල්ලමයා, එයා 21**5... දැං ඔව්වට කෝල්
කරල කරදර කරනව එහෙම
නෙමෙයි! ඒ සූටි කාලෙ.
පස්සෙ ඉතා අවාසනාවන්ත විදිහට
අපි ලොකු උනා! ගෙදරින්
පිට ඉන්න උනා... ඒ
කාලෙ අපේ පිහිටට ආවෙ
ටැලිපෝං බොක්ස්. වැඩි හරියක් මෙව්ව
පාවිච්චි කරේ මිනිස්සුන්ට කරදර
කරන්ටමයි! සත්තු වත්තෙන් පැනල ආපු කොක්කු,
මුවෝ, අලි ඔය පැත්තෙ
ආවද කියල අහන්ට දෙකේ
කාසි සෑහෙන්ට නාස්ති උනා... ඒ දවස් වල
නුවර මහමායාවෙ හිටිය කුරුල්ලෙක් ගෙ නමක් තියන
ගෑනු දරුවෙක්. මෙයාගෙ අම්මට බොහොම ඉක්මනට තරහ යනව. අපි
ඉතිං ටැලිපෝං බොක්ස් එකකින් කතා කරල ඒ
අම්මගෙන් අහනව දුව කෝමද,
හොඳින් ද, කවද්ද අපිට
දෙන්නෙ වගේ අහිංසක ප්රස්න. ඒ වෙලාවවට අරිසෙං
අහුබුදු වත් දන්නෙ නැති
සිංහල ටිකක් ඒ අම්ම අපිට
කියල දෙනව.... කැම්පස් ගියාට පස්සෙ නං සම්පූර්ණ සන්නිවේදන
කටයුතු උනේ පෝංබොක්ස්
හරහා තමයි. ඒ දවස් වල
රෑ නමයෙන් පස්සෙ රුපියල් 5 ට විනාඩි 9ක්
කතා කරන්ට පුලුවන්. හොස්ටල් එකේ පෝංබොක්ස් එක
ඉස්සරහ පෝලිමේ හිටපු හැටි මතක් වෙනකොට
නං හිතෙනව නුවරගෙදර කියන කතාව හරි
කියල....
අපි
ඉස්කෝලෙ දහයෙ වගේ ඉන්නකොට
අපෙ ලොකුඅප්පච්චිගෙ ලොකු පුතා ටවුමෙ
හොඳ බුසිනස් කාරයෙක්. අපි ලොකු අයියා
කියල කිව්වට මිනිහ ලොකුඅප්පච්චිට වඩා පොඩ්ඩයි බාල
මගෙ හිතේ... දවසක් අපේ අප්පච්චි ගෙනාව
මාර නිවුස් එකක්. ලොකු අයිය අතේ
ගෙනියන්ට පුළුවං පෝං එකක් ගෙනැල්ලලු!
අතේ ගෙනියන එකක් තියා බිම
තියන එකක් වත් නැති
කාලෙ... දකිනකං සිහියක් නෑ... කොහොමද ගෙනියන්නෙ, වයර් එක ඔතා
ගෙනද යන්නෙ, නොම්මර කරකවන්නෙ කොහොමද... සෑහෙන ප්රස්න... දවසක්
ඕං ලොකු අයිය එනව
තඩි ගඩොලකුත් අරගෙන. ලඟට ආවම තමා
දැක්කෙ, ඒ අර අතේ
ගෙනයා හැකි දුරකථනය!
ලොකු අයිය හයේ හතරෙ
ඩෑල් එක හින්ද හොඳා,
නැත්තං ඒක ගෙනියන්ට වීල්බැරෝවක්
වත් ඔනෙ වෙනව! මෙව්වට
කිව්වෙ සෙල්ටෙල් කියල... සෑහෙන කාලයක් යනකං හැම සැල්පෝං
එකකටම අපි කිව්වෙ සෙල්ටෙල්.
ඊට පස්සෙ කාලෙක ඒ වගේම ගඩොල්
බාගයක් තිබ්බ අපේ පංතියෙ යාලුවෙක්
ට. මිනිහට කිව්වෙ සෙල් පැණියා කියල...
මටම කියල ඉස්සෙල්ලම සැල්පෝං
එකක් දුන්නෙ අපේ ඉතාලියෙ ඉන්න
ගෝතමී නැන්දා... ඒක මගෙ ලඟ
තිබ්බෙ අවුරුද්දයි. කැම්පස් එකේ කක්කුස්සියක දාල
ඇවිල්ල නැති උනා... පස්සෙ
ඉතිං රස්සාවක් කරනකම්ම ඉන්ට උනා මටම
කියල එකක් ගන්ට! ඒ
දවස් වල කැම්පස් එක
පුරාම හිටිය එක එක පෝං
කොම්පැනි වල ඒජන්තයො. හොස්ටල්
එකේ හිටපු පොරමොලා තමයි මොබිටෙල් ඒජන්තයා... අපි ඌට කිව්වෙ
ඒජන්ට් පොරමොලා කියල (ඒජන්ට් ෆොක්ස් මෝල්ඩර් වගේ)... මොකා ඒජන්ත උනත්
අපි රෑ නමයට හොස්ටල්
එකේ බොක්ස් එක ඉස්සරහ පෝලිං
ගැහෙන එක නැවතුනේ නෑ...
අද ඉතිං ස්මාර්ට් පෝං
ලඟ තිබ්බට අපි ආපු ගමන
සෑහෙන්ට දුරයි. දෛයිවයේ මොකක් හරි එහෙකට මම
අද ඉන්නෙ ඔය නුවරගෙදර කියන
ග්රැහැම් බෙල් එයාගෙ අවසාන
කාලෙ ගත කරපු ගම්
පලාත වෙච්ච කැනඩාවෙ නොවා ස්කෝශියා කියන
පළාතෙ! මෙහෙ තියනව බෙල්
වෙනුවෙන්ම එයාගෙ ගමේ හදපු කෞතුකාගාරයක්.
ටැලිපෝං එක විතරක් නෙමෙයි,
එයා හදපු, හොයා ගත්තු බොහොමයක්
දේවල් එතන තියනව... එයා
හදපු HD-4 Hydrofoil කියන අධි වේග මුහුඳු යාත්‍රාවත් ඇතුලුව!!