Friday, July 6, 2018

පොරි අහුර


ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. හදවත දියවී ඇසඟින් ඇද වැටීමට ආසන්නය. කාලය නැවතී ඇති සෙයකි... එය එසේ නොනැවතී ආපස්සට යන්නේ නම්....

, අපේ ප්රථම හමුවීමයි. එදිනද, 'අත තිබුණේ පොරි අහුරකි. ඒද, වළාකුළු බැම්මෙන් එපිටට නැවී සිටි ඔබ වෙතට දිගු වීය.
"... ඔන්න අද ඉඳන් මාළුත් දන්නව අපේ කතාව..." 
මගෙන් ගත් පොරි ඇට නුවර වැවට විසි කරමින් නුඹ කියයි. එතැන් පටන් තවත් බොහෝ කාලයක් යන තුරුම වළාකුළු බැම්ම අපේ සැඳෑ නැවතුම විය. පොරි අහුර අතටත්, සිලි සිලි හඬින් නටන මාළුන් නෙතටත් බොහෝ හුරු විය. නුවර වැවටත් දළදා හාමුදුරුවන්ටත් නුඹේ තොරතෝංචියක් නැති කියවිල්ල මෙන්ම, මගේ ගූඨ නිස්සද්දතාවයද හුරු පුරුදු වන්නට ඇත. එකල, ජීවිතය ආදරයෙන් පිරී තිබිණයි සිතුවෙමි. සිතමි...

එදින, මා ඔබ රුව වළාකුළු බැම්ම මත දුටු අවසාන දවසයි. මාගෙන් නික්ම යන්නට නුඹ තීරණය කර ඇත. පොරි අහුර තවමත් මා අතය...
"... මේකත් හරියට ඔය පොරි වගේ... ඉස්සෙල්ල පැණි රහයි. පස්සෙ ලුණු රහයි..."
, නුඹ මාගේ ආදරයට දුන් අවසාන අර්ථකථනයයි. නුඹ නික්ම ගිය පසුද, මා වළාකුළු බැම්ම තනි නොකලෙමි. මසිත රිදවීමට බැරිවාක් මෙන් වළාකුළු බැම්මද, නුවර වැවද, දළදා හාමුදුරුවෝද මගෙන් නැවත කිසි දිනෙක නුඹ ගැන ඇසුවේ නැත....

එදින් බොහෝ කලකට පසු දිනෙක, නැවතත් මා නුඹ පසෙක සිටියෙමි. දසත බෙර හඬ . වරෙක අශ්ඨක . මේ, වරෙක භෞතිකව අහිමි වූ නුඹ නෛතිකව අහිමි වන දිනයයි. එදින , 'අත පොරි අහුරකි. , සියල් සුභ පැතුම් සමඟින් ඔබ යන මඟට විසි කිරීමටය. නුඹ ගැන තුබූ මහත් වූ සෙනෙහසින් යුතුව විසුල දහසක් පොරි ඇට මතින් නුඹ ඔහු හා නික්ම ගියේය. නුඹෙන් සැඟවූ සියලු සුසුමන් දළදා හාමුදුරුවන්ට පෙනෙන්නටම නුවර වැව් දිය මත මුදා හැරියෙමි... නුඹ දෙස බලා හෝ ජීවත් වන්නට සිතුවෙමි....

අද, කාලය නැවතත් මා නුඹ ඉදිරියට කැඳවා ඇත. නුඹ අද බොහෝ නිසසලය. සුදු ඇඳුම නුඹට මෙතරම් හැඩ වේ යැයි මම නොසිතුවෙමි. නුඹගේ සියලු නික්ම යෑම් නිහඬව දරා ගත්ත , මේ සදාතනික නික්ම යෑම දරා ගත නොහැකි සේය. මා නුඹ වෙනුවෙන් හෙලූ සියලු සුසුමන් එකට කැටි කර නුඹේ නිසල නාස්පුඩු මත මුදා හැර නුඹව අවදි කරවා ගන්නට මට සිතේ. එහෙත් නුඹ නික්ම ගොස් අවසන් ...
මතක වස්ත් පූජාව .

... යථා වාරී වහා පූරං පරිපූරෙන්තු සාගරං...

නිකෙලෙස් හඬ හඟවන්නේ සියල්ල අවසන් බවය...

ඔබ රැගෙන යන මගට විසි කරන්නට අතට ගත් පොරි අහුර තවමත් එසේමය. මේ, ජීවිත කාලයක් පුරාවට බැඳි ආදරයක අවසාන මොහොතයි. නැගිට සිටීමට දෙපා , අත රැඳි පොරි අහුර දරා ගැනීමට ඇඟිලි තුඩු වාරු නැති සේ .

මේ, සමුගැනීමේ මොහොතයි....